ඉරිදා, 18 ජූනි 2023 10:35

ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි Featured

ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ පවසයි.

ඉහළ යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයට පමණක් අදාළ වන විශේෂ හදිසි ඇමතුම් අංකයක් ද හඳුන්වා දීම ඊයේ (17) දින සිදුකෙරුණි.

එම අවස්ථාවට එක්වෙමින් ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මෙලෙස පැවසීය.

"එම දුරකථන අංකය හරහා පැය 24ක් තුළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙලාවේ විසඳුම් දෙන්න පුළුවන් ඒවට විසඳුම් දෙනවා. ඇතැම් ගැටලුවලට දින 3ක නිවේදනයක් දෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දුරකථනයට ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව විශ්වාසවන්තභාවය 100%ක් රැකෙනවා. ඩෙංගු බෝ වෙන අතහැර දාපු ඉඩම් තියෙනවා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය ආනරක්ෂිත ඉඩමක් කියලා දැනුම් දුන්නොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරනවා."

ඒ අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය බලසීමාව තුළ ඇති ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සහ පරිශ්‍රයන් පිළිබඳ තොරතුරු 0777 222 213 අංකයට ඇමතුමක් ලබාදී දැනුම් දිය හැකිය.

 

AN.LK

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website