සදුදා, 19 ජූනි 2023 10:58

මාස 8ක් ඇතුළත පේරාදෙණි සරසවියේ සිසුන් 6ක් දිවි නසාගෙන – 4ක්ම ඉංජිනේරු පීඨයේ Featured

හේතුව සමාජ සම්බන්ධතා නොමැතිවීම – මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ

ඉකුත් මාස 08 ක පමණ කාලයක් තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනකු සිය දිවි හානිකර ගෙන තිබේ. මෙයින් සිසුන් හතරදෙනෙකුම ඉංජිනේරු පීඨයේ වීම විශේෂත්වයකි. මීට අමතරව තවත් සිසුන් සිවුදෙනෙකු සිය දිවි හානිකර ගැනීමට තැත් කළ අතර ඒ සියල්ලට හේතු වී තිබුණේ සමාජ සම්බන්ධතා නොමැතිවීම බව තහවුරු වී තිබුණි.

මේ පිළිබඳ මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ විශේෂඥ වෛi ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා පොදුවේ විශ්වවිද්‍යාල දරුවන් බහුතරයකගේ අත්දැකීම් අවමවීම සහ දරාගැනීමේ ශක්තිය හීනවීමට හේතු වී ඇති බව පැවසීය.

පාසල් සමයේ සිට දරුවන්ගේ හැකියාවන් හඳුනාගනිමින් ඔවුන් නිදහස් මානසික මට්ටමකින් විෂය කටයුතු හා විෂය බාහිර කටයුතු සඳහා යොමුකිරීමටත්, ක්‍රීඩා කටයුතුවල යෙදෙමින් ජය පරාජය එක ලෙස දරා ගැනීමටත් හැකි ලෙස කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව එම විශේෂඥ වෛද්‍යවරයා කීය.

පොදුවේ විශ්වවිදයාල දෙස බලන විට බහුතරයක් සිසුන් තනිව කටයුතු කරගත නොහැකිව පීඩනයෙන් පෙළෙන බවත්, විභාග භීතිකාව මේ වනවිට ඇති වී තිබෙන බවත් කී ඒ මහතා දරුවන්ගේ මානසික නිදහස පිළිබඳව කුඩා කල සිටම දෙමාපියන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියේය.

 


සමන්තී වීරසේකර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website