සදුදා, 19 ජූනි 2023 11:08

බැසිල් බල කරන නිසා තව ඇමති ධුර හයක් දෙන්න වෙනවා..- ජනාධිපති Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී. බී. රත්නායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් එහි සඳහන් වේ.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතාවට සේවය කරන්න ඇමැතිකමක් අනවශ්‍ය බවය.

ජනාධිපතිවරයා විදෙස් සංචාරයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවකදී තවත් අමාත්‍ය ධුර පිරිනැමීම නුසුදුසු නමුත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත අකැමැත්තෙන් වුවද මෙම අමාත්‍ය ධුර හය සිදුවී ඇති බවත්ය.

යූ. කේ. අබේරත්න

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website