අඟහරුවාදා, 20 ජූනි 2023 09:54

ඉන්දීය සබ්මැරීනයක් සහ පාකිස්තාන නාවික නැවක් කොළඹ වරායට එයි Featured

ඉන්දීය නාවික හමුදාවේ වාගිර් සබ්මැරීනය හා පාකිස්තාන නාවික හමුදාවට අයත තිප්පු සුල්තාන් නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

පෙරේදා (18දා) උදෑසන සුල්තාන් නෞකාව කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි. තිප්පු සුල්තාන් යුද නෞකාව දිගින් මීටර් 134.1ක් හා නැව් මුළුව 168 කගෙන් සමන්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ජාවාඩ් හුසේන් කටයුතු කරයි. එමෙන්ම එම නෞකාව දිවයිනේ රැඳීසිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතය.

ඉන්දීය නාවික සබ්මැරීනය ‘වාගීර්’ ඊයේ (19දා) මෙරටට පැමිණ ඇති අතර ලබන බ්‍රහස්පතින්දා දක්වා කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීමට සමගාමීව ‘වාගීර්’ මෙරටට පැමිණ ඇත.


චතුර පමුණුව

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website