බ්‍රහස්පතින්දා, 22 ජූනි 2023 09:59

වීසා දඩය වැඩි කරමින් ගැසට්ටුවක් Featured

නියමිත වීසා කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩ මුදල් සංශෝධනය කර ඇත.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය දින 7 - 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇත.


එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

සංක්‍රමණික හා විගමන පනතේ (351 පරිච්ඡේදය) 23 වැනි වගන්තිය යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර එය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.

මේ අතර මුල් වීසා බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ දින සිට ගණනය කර දින 07ක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අයෙකුට පිටවීමේ වරායේදී අදාළ වීසා ගාස්තුව ගෙවීමෙන් තොරව ශ්‍රී ලංකාවෙන් පිටවිය හැකි බවද එහි සඳහන් වේ.

 

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website