බ්‍රහස්පතින්දා, 22 ජූනි 2023 10:11

මනුෂගේ ගෝලයන් කියා විදෙස් රැකියා ජාවාරමක්   Featured

සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස් කරන ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එවැනි පුද්ගලයින් සමග සිදුකරනු ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වගනොකියන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

සිය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියකු විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක්රැස් නොකරන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නීත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයකට හැර වෙනත් කිසිදු අයකුට විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීමට හැකියාවක් නොමැති බවත් ඇමැතිවරයා කියා සිටී.

තම කාර්ය මණ්ඩලයේ පුද්ගලික ලේකම් ලෙස ශාන් යහම්පත්, මාධ්‍ය ලේකම් ලෙස සංජය නල්ලපෙරුම, සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස දේශප්‍රිය ලියනගේ, භාග්‍යා කාරියවසම්, මහජන සම්බන්ධතා නිලධාරි ලෙස උදයංග සූරියආරච්චි, පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ප්‍රියංකර විජේසේකර කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි.

 

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website