සදුදා, 26 ජූනි 2023 11:00

මහා පරිමාණ අරක්කු සමාගම්වලින් වහාම බදු අය කරගන්න -මහින්දානන්දගෙන් ‘සුරාබදු’ ට උපදෙස් Featured

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙහිදී ඒ මහතා සුරාබදු නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ මෙම වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 217 ක් වුවත් මේ වනවිට උපයා ඇත්තේ රුපියල් බිලියන හැත්තදෙකයි දශම නමසිය අසූපහක් බවත් (72.985) මේ නිසා බලාපොරොත්තු වන ආදායම සුරාබදු දෙපාර්තමේන්තුවට ළඟාවී නැති බවත්ය.

මත්පැන් මිල ඉහළ යෑම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය අඩුවී ඇති නිසා එම ඉලක්කවලට ළඟාවීමට නොහැකිවී ඇති බවද මෙහිදී නිලධාරීන් මන්ත්‍රීවරයාට පෙන්වා දී ඇත. මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ වසර ගණනාවක සිට සුරාබදු ආදායම වැඩිවී නැති බවත් මත්පැන් නිෂ්පාදිත සමාගම්වලින් නියමිත ආකාරයෙන් බදු අයකර ගන්නා ලෙස සහ එසේ නොකරන නිෂ්පාදන ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසය.

චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website