සදුදා, 26 ජූනි 2023 11:05

මේ සුක්කානම ජාජබට දෙන්න -අනුර කුමාර මෙල්බර්න් නුවරදී කියයි Featured

“මේ දේශපාලනය මුළුමනින්ම වෙනස් වෙලා. මේ පාලනයේ සුක්කානම ජාතික ජනබලවේගයට දිය යුතු කාලය ඇවිත්” යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර පැවැති රැස්වීමකට සහභාගි වෙමින් එසේ පැවසූ අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“අපි කොහොමද බලය අත්පත් කරගන්නෙ. මේගොල්ලො උත්සාහ කරනවා පැති තුනකින් මේක වළක්වන්න. ඒක ඒගොඩල්ලන්ට මාරාන්තිකයි. ඒගොල්ලො දේශපාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක ගමන් කරමින් සිටිනවා. ඒ ගොල්ලො හැමදාම හිතුවෙ මෙකක්ද, ඒ කණ්ඩායම් මත මාරුවෙන් මාරුවට බලය මාරුවෙනවා. අපි වැනි කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතාවටත් හිතනවා යූ.එන්.පී. ආණ්ඩුව හදනවා එහෙම නැත්නම් ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවා. අපිත් අත්හරින්නෙ නැහැ. තුන් හතර දෙනෙක් විතර පාර්ලිමේන්තුවට යවනවා. ෂුවර් නෑනෙ යවපු අය. හොරා කන්න ඉඩ තියෙනවා. මුන් ටිකකුත් යවන්න ඕනෙ හොරු අල්ලන්න. ඒ නිසා ඒගොල්ලො හැමදාමත් හිතුවා ඔතන තමයි තියෙන්නේ මේ රටේ දේශපාලනය කියලා. ඒ කණ්ඩායම් දෙකෙන් එකක් ආණ්ඩු හදනවා. ඒ ආණ්ඩු වල වොචර් ජොබ් එක අපිට දෙනවා. ජනතාවත් එතන හිටියා. ඒගොල්ලොත් එතන හිටියා. හැබැයි ලංකාවේ පළමු වතාවට මම හිතනවා ඒ දේශපාලනය මුළුමනින්ම වෙනස්වෙලා මේ පාලනයේ සුක්කානම ජාතික ජනබලවේගයට දෙන්න ඕනෙ කියලා මතයක් ගොඩනැඟිලා තියෙනවා.

එතකොට ඒ ගොල්ලන්ගේ ගුවන් තොටිල්ල ගැස්සෙනවා. ඉස්සෙල්ලා ඒ තොටිල්ල ඒ පැත්තට යනවා ආයෙ අවුරුදු 5 කින් මේ පැත්තට එනවා. ලස්සනට මේ තොටිල්ල යනවා. සමහර අය ඒ තොටිල්ලෙ එල්ලිලා මේ පැත්තට එනවා. බහින්නෙ නැහැ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ අතරමැද ගැස්සිල්ලක් ඇවිත් තියෙනවා. ඒ නිසා ඒ ගොල්ලො මේ ප්‍රවාහය නතර කිරීම සඳහා දරන සියලුම සැලසුම් සකස් කරනවා. මැතිවරණ තියෙන්නෙ නැතුව ඉන්නවා. පහුගිය මාර්තු මාසෙ 9 වැනිදා මැතිවරණය තිබේබ නැත්තෙ ඒකයි. හැබැයි ඒගොල්ලන්ට මොන සෙල්ලම් දැම්මත් ඡන්දයත් තියන්න ඕන වෙලාවක් එනවා. ලබන අවුරුද්දෙ ඔක්තෝම්බර් මස 17 වැනිදාට කලින් ජනාධිපතිවරණය තියන්න ඕන.

 

DIN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website