අඟහරුවාදා, 27 ජූනි 2023 10:11

‘මහාවංශය’ ලෝක මතක සටහන් උරුම අතරට Featured

යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ‘මහාවංශය’ ලෝක මතක(MoW) ජාත්‍යන්තර ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

 

මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද ඓතිහාසික කාව්‍යයකි.

එය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි රචනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මගින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇත. "මහාවංශය" බුදුන් වහන්සේගේ ජීවමාන කාලය, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුද්ධාගම නැගීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සැලකේ.

යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 අතරට මහාවංශය ද ඒ අනුව ඇතුළත් කර ඇත.

රටවල් කිහිපයක ‘මහාවංශයේ’ අත්පිටපත් ගණනාවක් පැවතීම මෙන්ම අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට එය පරිවර්තනය කර තිබීම ද විශේෂත්වයකි.

DMN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website