අඟහරුවාදා, 27 ජූනි 2023 10:14

කොරියාවේ සිට ආ ලාංකිකයන්ට දැනුවත් කිරීමක් Featured

දකුණු කොරියාවේ රැකියාව අවසන් කර පැමිණි ශ්‍රී ලාංකිකයින් සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සහ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීම හා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කොරියානු සමාගම් මගින් සලසා ඇති රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ.

රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියාවේ සේවය නිම කර පැමිණි ශ්‍රි ලාංකිකයින් උදෙසා වාර්ෂිකව පවත්වන සුහද හමුව (Happy Returnee’s Programme )පසුගියාද(23) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්. හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ ශ්‍රි ලංකා EPS මධ්‍යස්ථානය හා කාර්යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, සාර්ථකව දකුණු කොරියාවේ සේවය නිමකර පැමිණි ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

මෙහිදී දකුණු කොරියාවේ සේවය කර මෙරටට පැමිණ නව ව්‍යාපාර ආරම්භ කර සාර්ථක වූ ශ්‍රමිකයින් සිය අත්දැකීම් සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමද සිදුකළේය.

මෙම වැඩසටහන සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව, KOTRA Sri Lanka හා Saemual Foundation of Sri Lanka යන ආයතනවල නිළධාරීන්ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා නේවාසික අධ්‍යක්ෂ ලී ජූ චුල්, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

 

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website