බ්‍රහස්පතින්දා, 29 ජූනි 2023 10:35

ජපානයේ නරීටා බලා ගිය ගුවන් යානය හදිසියේ නැවත කටුනායකට Featured

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.

ඒ වන විටත් පැය 02 යි විනාඩි 25 ක කාළයක් ගුවන් යානය ගමන් කර තිබුණි.

මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 - 300 එයා බස් වර්ගයේ විශාලතම ගුවන් යානයකි .

මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බවට තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම ( Indicate ) නිසා , ගුවන් නියමුවා මෙම ගුවන් යානය , කටුනායක ගුවන් තොටුපොළට අනතුරකින් තොරව ගොස් බැස්සවීමට පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීහු සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙක් ගමන් කළහ.

එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගත්තේය.

DMN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website