බ්‍රහස්පතින්දා, 29 ජූනි 2023 10:39

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ Featured

ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හෙට (30 දා) සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වැනි ගුවන් හමුදාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඹා පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කර ඇති අතර ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව කීර්තිමත් ශිෂ්‍යයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදු කර ඇත.

1988 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 06 බඳවා ගැනිීමේ කණ්ඩායමට ඇතුළත් වූ එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 1990 වසරේ ඔක්තෝබර් මස 5 වැනිදා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස එක් වී ඇත.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ තම සේවා කාලයේ දී අති දක්ෂ ගුවන් නියමුවකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු PUCARA (පුකාරා) ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙසත්, SESSNA -150 (සෙස්නා -150), Y – 12 (වයි-12), AVRO (ඇවුරෝ ) ෂමාශෙට්ටි – 260TP, බීච් ක්‍රාෆ්ටි B-200′ AN 32 (ඇන්ටනෝව් -32) සහ C -130 (සී-130) වැනි ප්‍රවාහන ගුවන් යානා නියමුවකු ලෙසත් කටයුතු කර ඇත.


හේමන්ත රන්දුණු

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website