සිකුරාදා, 30 ජූනි 2023 10:08

ළමුන්ට නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක් Featured

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබෙයි.

එදින වයස 12 න් පහල සියලු ළමුන් සදහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදෙනු ලබන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

මෙදින සතූන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාවතුල වර්ධනය කිරීම සදහා වන වැඩ සටහන් මෙන්ම ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩ සටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website