සිකුරාදා, 30 ජූනි 2023 10:18

ඊපීඑෆ් එකට අත තිබ්බොත් අපි නිකම් ඉන්නේ නෑ Featured

සේවක අර්ථ සාධක අරමුදලට අත තැබුව හොත් සමඟි ජන බලවේගය නිකම් නොසිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පක්ෂයක් ලෙස අයි.එම්.එෆ්. එකට මුලින්ම යා යුතු බවට පැවසුවේ සමඟි ජන බලවේගය බවත් එසේ යැම නිවැරදි වුවත් ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම වැරදි බවත් මේ දුර්වල පණ නැති හරයක් නැති ගිවිසුමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ජාත්‍යන්තර වශයෙන් කප් ගහපු පුද්ගලයකු රටේ ජනාධිපති වුනත් ඔහුට අයි.එම්.එෆ් එකත් එක්ක කප් එකක් ගහන්න බැරි වූ බවත් ඔහු කප් ගැසුවේ කතාවෙන් සහ කයිවාරුවෙන් බවත් ක්‍රියාව තුළ කප් ගැසීමට නොහැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (29) පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩ සටහනේ තිස් තුන්වැනි අදියර ලෙස ඇඹිලිපිටිය උඩවලව මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. මේ රටේ වැඩ කරන ජනතාව වැඩ කරන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ ඉතිරි කළ යුතු බවට අනිවාර්ය බල කිරීමක් සිදු කරන බවත්, එසේ සිදු කර රට බංකොලොත් වූ පසු අයි.එම්.එෆ් එකත් එක්ක සාරවත් ගිවිසුමකට එළඹෙන්නේ නැතිව අර්ථ සාධකේ ඇති මුදල් පවා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි බොරු කියමින් ජනතාව රවටන්නේ ඇයිද කියා අසන බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙ රටේ සිටින ලක්ෂ 20කට වැඩි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමඟි ජන බලවේගය පෙනී සිටින බවයි.

රක්ෂණ ශ්‍රියන්ත්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website