×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

සෙනසුරාදා, 01 ජූලි 2023 10:17

නව පොලිස්පති ගැන කාදිනල් හිමිගෙන් ජනපතිට ලිපියක් Featured

සී.ඩී වික්‍රමරත්න මහතාගේ විශ්‍රාම යාමෙන් හිස්වන පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ලෙස කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරති.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ඔවුන් අසමත් වීම සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාව තුළ ඔවුන් කෙරෙහි දැඩි කලකිරීමක් පවතින බව ද සදහන් කරති.බුද්ධි අංශය ප්‍රධානී ලෙස එවකට සිටි නිලන්ත ජයවර්ධන මහතා අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා අදාල තොරතුරු දැනගත් පසු ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන පණිවුඩ කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම වාර්තා අනුව අනාවරණය වී ඇතැයිද කාදිනල් හිමිපාණෝ සිය ලිපියෙහි සදහන් කර තිබේ.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website