සෙනසුරාදා, 01 ජූලි 2023 10:31

ශ‍්‍රී ලන්කන් සේවකයන් 6000ක් රැකියාවෙන් දොට්ට..? Featured

දිගින් දිගටම පාඩු ලබමින් ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉක්මනින්ම ප්රතිව්යුහගතකරණයට ලක් නොකළහොත් එහි සේවය කරන සේවකයන් 6,000කගේ පමණ රැකියා අහිමි වනු ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ගුවන් සේවාව තවදුරටත් නඩත්තු කිරීමට රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත් ඒ වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීම අසාධාරණ බවත් හෙතෙම කියා සිටී.

දැනටමත් මෙම සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු සිදු කරමින් පවතින බවද පැවසූ ඔහු ඉතා විනිවිද බවකින් යුතුව ඒවා සිදු කිරීම රජයේ අරමුණ බවත් කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

 

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website