අඟහරුවාදා, 04 ජූලි 2023 10:21

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් Featured

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිත බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි

භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය පවරා තිබෙයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) ඡේදය සමඟ කියවා ඇති ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනතේ 34 වැනි වගන්තිය (420 වැනි පරිච්ඡේදය) සමඟ කියවා ඇති 55 වැනි වගන්තිය යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙයි

PDF එක මෙතැනින් බලන්න

 

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website