අඟහරුවාදා, 11 ජූලි 2023 10:21

ගැටලු රැසකට විසඳුම් ඉල්ලා රසායනාගාර විද්‍යාඥ සංගමය 19 දා වර්ජනයේ Featured

දීර්ඝකාලීනව නොවිසිඳුණු වෘත්තීය ගැටලු කිපයක් මුල්කර ගනිමින් ලබන 19 වැනිදා සේවයෙන් ඉවත්වීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය තීරණය කර ඇත.

සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා රැසකදී වගකිවයුත්තන් සමග සාකච්ඡා කළ ද මෙතෙක් විසඳුම් නොලැබිම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවීමට සිදුව ඇතැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත ලිපියක් මගින් දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ජාතික රෝහලේදී අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්ගේ කටයුතු නිසි ලෙස ඉටු කිරීමට බාධා කරමින් හා ද්වේශ සහගත ආකාරයෙන් වෛද්‍ය වෘත්තිකයන්ට එරෙහිව පෙත්සම් ගසමින් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් පරිපාලන රැස්වීම්වලදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ව්‍යාධිවේදී අංශයේ අනවශ්‍ය ගැටලු ඇති කිරීමට ක්‍ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරියක කටයුතු කරන අතර එයද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට මූලික හේතුවක් බවද රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියෙන් පෙන්වා දෙයි.


සුජීව තත්සර

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website