අඟහරුවාදා, 11 ජූලි 2023 10:39

ඛණිජ තෙල් ඇමැතිගෙනුත් ගැසට්ටුවක් Featured

‍ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

ඒ අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බව ගැසට් පත්‍රයෙන් දැක්වේ.

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website