බදාදා, 12 ජූලි 2023 08:32

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අපේ 6 දෙනෙක් අද තරග බිමේ Featured

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමාරම්භක දිනය වන අද (12 වැනිදා) දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ හය දෙනෙක් තරඟ වැදීමට නියමිතව සිටිති.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වන අතර ඒ සඳහා ක්‍රීඩිකාවෝ 08ක් සහ ක්‍රීඩකයෝ 05ක් ඇතුළත් වෙති.

මෙම තරගාවලිය ආසියානු ක්‍රීඩා උළෙල සහ ලෝක ශුරතා ක්‍රීඩා තරගාවලියට පෙර පැවැත්වෙන බැවින් මෙහිදී දස්කම් දැක්වීමට බොහෝ ක්‍රීඩකයෝ උත්සුක වෙති.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තු තුනක් වන යුපුන් අබේකෝන් සහ උෂාන් තිවංක ආබාධ හේතුවෙන් ද නිලානි රත්නායක තරග තහනමක් හේතුවෙන් ද මෙම තරගාවලියට සහභාගී නොවීම ප්‍රබල පාඩුවක් බව මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ වුවද පදක්කම් දෙක තුනක් මේ මලල ක්‍රීඩා කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසයක ඔහු පසු වේ.

අද දිනයේ තරග කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා වේලාවෙන් එම තරඟ පැවැත්වෙන වේලාවන් මෙසේය.

පෙ.ව. 7.45 – මීටර් 400 පිරිමි, පළමු වටය-අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා
ප.ව. 3.15 – හෙල්ල විසි කිරීමේ කාන්තා, අවසන් තරගය – නදීෂා ලේකම්ගේ
ප.ව. 4.10 – මීටර් 1500 කාන්තා, අවසන් තරගය – ගයන්තිකා අබේරත්න
ප.ව. 4.15 – තුන් පිම්ම කාන්තා, අවසන් තරගය – රන්දි කුරේ
ප.ව. 4.25 – මීටර් 400 පිරිමි, අවසන් පූර්ව තරගය – අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා (මූලික වටයේ තරග ප්‍රතිඵල අනුව මෙම වටයේ සහභාගිත්වය තීරණය වනු ඇත)
ප.ව. 4.50 – මීටර් 400 කාන්තා, පළමු වටය-නදීෂා රාමනායක


කුෂාන් සුබසිංහ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website