බ්‍රහස්පතින්දා, 13 ජූලි 2023 10:15

පත්වීම දුන්නේ පෙන්ෂන් ගිහින් දින 13කට පස්සේ – සී. ඩී. යළි පොලිස්පති කිරීම නීති විරෝධියි Featured

ගම්මන්පිල කියයි

පොලිස්පතිවරයා ලෙස විශ්‍රාම ගිය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නැවත පත්කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල මහතා “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් ලබාදෙන නියෝග නීතිය ඉදිරියේ බලරහිත ශූන්‍ය ඒවා බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

පොලිස්පතිවරයා ලබාදෙන නියෝග ඒ අනුව බලරහිත ශූන්‍ය නියෝග වීම නිසා ඊට පහළින් සිටින පොලිස් නිලධාරීන් ලබාදෙන නියෝග ද බලරහිත වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නීති විරෝධීව පත්කළ පොලිස්පතිවරයා ලබා දුන් නියෝග අභියෝගයට ලක්කරමින් කිසියම් පුද්ගලයකු අධිකරණය ඉදිරියේ නඩු පැවරුවහොත් එම නියෝග ශූන්‍ය වන බව ද ගම්මන්පිල මහතා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කියා සිටියේය.

පොලිස්පතිවරයා ලෙස සී. ඩී. වික්‍රමරත්න පත්කිරීම පිළිබඳව මම ගැඹුරින් අධ්‍යයනය කළා. මේ පත්කිරීම තනිකරම නීති විරෝධී ක්‍රියාවක්.

සී. ඩී. වික්‍රමරත්න විශ්‍රාම ගියේ ජුනි මාසෙ 25 වැනිදා. ඔහුට සේවා දිගුවක් ලබාදෙනවා නම් ඒක දෙන්න තිබුණෙ විශ්‍රාම යන්න ඉස්සර.

ඒත් සී. ඩී. වික්‍රමරත්න මාස 3 ක් සඳහා නැවත සේවයේ පිහිටුවූයේ ඔහු විශ්‍රාම ගිහින් දින 13 කට පස්සෙ. ඒක තනිකර නීති විරෝධී පත්කිරීමක් යැයි ගම්මන්පිල මහතා කියා සිටියේය.

හේමන්ත රන්දුණු

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website