සිකුරාදා, 14 ජූලි 2023 10:33

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍ය ගැටළුව විමර්ශනයට Featured

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍ය පැළඳවීම සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව සැකකරුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.රුවන්වැලි මහා සෑයට රන්පාදමක් සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීම 2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකෙරුණි.ඒ එතෙක් පැවති චූඩා මාණික්‍යය පළුදු වී දුර්වර්ණ වී තිබීම හේතුවෙනි.එලෙස රුවන්වැලි මහාසෑයට නව චූඩා මාණික්‍යයක් පැළඳවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු සමාජ මාධය වෙත අසත්‍ය ප්‍රකාශ නිකුත් කර තිබූ අතර එය මහත් ආන්දෝලනයට තුඩු දෙන කරුණක් විය.අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ගේ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබුණි.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website