සිකුරාදා, 14 ජූලි 2023 10:37

කෙහෙලිය, දිළුම්, අනුරාධ පොහොට්ටුව පස්ස හරවති.. බැසිල්ගේ හමුවට නොඑති.. Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානීන් සහභාගී කරමින් පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට පැවති රැස්වීමක් එම දිස්ත්‍රික් ප්‍රබලයන් තිදෙනකු විසින් වර්ජනය කර ඇත.

පෙරේදා දිනයේ මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේදීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම හා අනුරාධ ජයරත්න මෙම හමුවට සහභාගී නොවූ දේශපාලනඥයින් වෙති.

මෙම රැස්වීම කැඳවා තිබුණේ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාරියවසම් මහතාගේ අත්සනින් යුතු ලිපියකිනි.

හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් සහභාගි වී තිබිණි.

කෙසේ වෙතත් එම තිදෙනා එදින සහභාගි නොවීම මත අදාල රැස්වීම එළඹෙන 18 වන දින නැවතත් කොළඹ පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා සඳහාය.

 

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website