සදුදා, 17 ජූලි 2023 11:23

නවක සිසුන් නිරුවත් කර නවක සිසුවියන්ට පෙන්වයි.. නවක වදය තිත්ත වී පිරිසක් ගෙදර යති… Featured

අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනය උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සදහා බදවා ගත් සිසු සිසුවියන්ට ලබාදෙන අමානුෂික නවක වදය ඉවසාගත නොහැකිව සිසුන් අට දෙනකු මේ වන විට පාඨමාලාව හැරගොස් තිබේ.

මීට මාසයකට පෙර පමණ පෙර බදවා ගත් සිසුන් පිරිසක් මෙසේ පාඨමාලාව අතහැර නිවෙස් බලා ගොස් තිබේ.

විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ පිරිමි සිසුන් විසින් නවක සිසුන් නානකාමර වෙත කැඳවාගෙන ගොස් සියලුම ඇඳුම් බලහත්කාරයෙන් ගලවා නවක සිසුවියන්ට එම දර්ශනය නැරඹීමට සලස්වන බව වාර්තා වේ.

එමෙන්ම ඇතැම් දිනවල රාත්‍රී කාලයේ නවක සිසුවියන්ව සිටින නවාතැන්පළට ගොස් ඔවුන්ගේ මව්වරුන් සිහිපත් කර පරුෂ වචනයෙන් බනින බවටද චෝදනා එල්ලවෙයි.

මේ හේතුවෙන් දැනටමත් ඇතැම් නවක සිසු සිසුවියන් දැඩි මානසික ආතතියෙන් පෙළෙමින් සිටියි.

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website