සදුදා, 17 ජූලි 2023 12:32

පැය අටේ වැඩ දිනය පැය 12ක් කරන්න හදනවා.. ඒකට ඉඩ දෙන්න බෑ… Featured

වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු වන නව නීති හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

මේ යටතේ අණ පනත් 13ක් අහෝසි කර අලුත් නීති හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි වලට යටත්ව මෙසේ වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරමින් පවතින බවත් ඔහු පැවසීය.

වැඩකරන ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගෙන ඇති පැය අටේ වැඩ දිනය දවසකට පැය 12ක් වැඩ කළ යුතු තත්ත්වයක් නීති ගත කිරීමට සූදානම් වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

සේවකයාගේ කැමැත්ත අනුව යයි කියමින් දිනකට පැය 16ක් දක්වා වැඩ ගැනීමේ උත්සාහයක් තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

වැඩකරන ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට මෙම පනත වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

 

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website