අඟහරුවාදා, 18 ජූලි 2023 11:07

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ Featured

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

අද දින රේගු ආඥාපනත සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට (19) දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනාව අද සභාගත කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදයක් ඉදිරි වෙනත් දිනයකදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව ද මහ ලේකම්වරිය සඳහන් කළාය.

 

 

 

AN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website