බදාදා, 19 ජූලි 2023 11:25

තිරිගු පිටි මිල අඩු කරන හැටි අනුර කුමාර පාර්ලිමේන්තුවට කියයි Featured

තිරිගු පිටි ආනයනයට බලපත් නිකුත් නොකිරීම නිසා පෞද්ලික සමාගම් දෙකක් අධික ලාභයක් ලබන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් දෙක ආනයනය කරන්නේ තිරිගු ඇට බවත් එහිදී තිරිගු ඇට කිලෝවකට බදු ලෙස අයකරන්නේ රුපියල් 03ක් බවත් කීවේය.තිරිගු පිටි ආනයනය කළහොත් පිටි කිලෝවකට රුපියල් 35ක බද්දක් ද අය කර රුපියල් 160ක මිලකට පිටි කිලෝවක් වෙළෙඳ පොළෙහි අලෙවි කළ හැකි බව ද ඉන් ආණ්ඩුවට ද ආදායම් ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.මේ වන විට ලෝක වෙළෙඳ පොළේ තිරිගු පිටි මිල තුනෙන් දෙකකින් අඩුවී ඇති බැවින් වහාම තිරිගු පිටි ආනයන බලපත් වහාම ලබා දීමට ආණ්ඩුව පියවර ගතයුතු බවත් කීවේය.දැනට මෙම සමාගම් දෙක මගින් තිරිගු පිටි අලෙවි කරන්නේ කිලෝවක් රුපියල් 210කට බවත් පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website