බදාදා, 19 ජූලි 2023 11:33

ළමා රෝහලේ අද වර්ජනයක් Featured

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,

රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බවය. මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසන්නේ වර්ජනය සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොමැති බවය.එසේම අදාළ විශ්ෂඥ වෛද්‍යවරිය පත්කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බැවින් තමාට ඇය ඉවත් කිරීමට බලයක් නැති බවය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website