බ්‍රහස්පතින්දා, 20 ජූලි 2023 11:06

රු.17800000 ලැබුණු හැටි ගෝඨා උසාවියට කියයි Featured

පසුගිය වසරේ ජුලි 9 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මැඳුරේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලින් තමන් වෙත භාරදුන් ඒවා බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් දෙවන ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට වාර්තා කර තිබේ.

එම මුදල් අරගලකරුවන් විනාශ කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසගේ දේපළ යථා තත්ත්වයට පත් කිරීමට භාවිතා කිරීමට නියමිතව තිබූ ඒවා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇතැයි සී.අයි.ඩී ය අධිකරණයට වාර්තා කර තිබේ.

 

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website