අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 15:02

සල්ලි අච්චු ගහන්න බැරිවෙන්න නව පනතකට කැබිනට් අනුමැතිය.. IMF කොන්දේසියක්.. Featured

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමි වී තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් සකස් කර ඇති මෙම නව කෙටුම්පත හේතුවෙන් රජයක් විසින්ම කොතරම් බලපෑම් කළ ද මුදල් අච්චු ගැසීම සිදු නොකර සිටිය හැකි බලයන් මහ බැංකුවට හිමිවීමට නියමිතව තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කැබිනට් මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේය.

‘ජාත්‍ය්තර මූල්‍ය අරමුදලත් අනෙකුත් ජාත්‍යන්තර ආයතනයත් ලංකාවේ මේ ඇතිව තිබෙන ආර්ථිකය තත්ත්වය ඇතිවිම වෙනුවෙන් මහ බැංකුව අනුගමනය කළ එක් ක්‍රියාවලියක් ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙනවා.

ඒ් තමයි රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට මුදල් අච්චු ගැනීම. ආණුඩු වෙනස් වුණත්, කවුරු නායකත්වය දැරුවත් වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නැතිවිට මුදල් අච්චු ගහලා තමයි රට ඇවිත් තියෙන්නේ.

ඒ් නිසා දිගින් දිගටම ඇතිවන අයවැය පරතරය තුළ ලංකාවේ සියලුම ආණ්ඩු කර තිබෙන්නේ මුදල් අච්චි ගැසීමයි ණය ගැනීමයි. මුදල් අච්චු ගැසීමෙන් පමණක් ලෝකයේ කිසිම රටක් දියුණු කරන්න බෑ කියලා න්‍යායක් තිබෙනවා.

කොතරම් නීති පැනෙව්වත් මුදල් අච්චි ගැසීම නවත්වන්න බැරි තරමට රටේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වුණා‌. තවදුරටත් රජය බලකර කියා සිටියත් මුදල් අච්චු ගැසීම කරන්න බැරි ආකාරයට වැඩි බලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට අදාළ වන ලෙසයි මේ පනත් කෙටුම්පත සකස් කර තියෙන්නේ’

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website