සිකුරාදා, 21 ජූලි 2023 16:05

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට… Featured

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

පිටි කිරි භාවිතා කිරීම දියර කිරි සමග සාපේක්ෂව පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණාවක් නොවන බව ද හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක් බව ද පැවසූ ඔහු මේ වන විට දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය කිරි අවශ්‍යතාවයෙන් රට තුළින් ලැබෙන්නේ 40% ක් පමණක් බවත් ඉතිරි 60% ම ආනයනය කරන බවත් ඔහු පෙන්වා දෙයි.

CN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website