සෙනසුරාදා, 22 ජූලි 2023 10:34

‘සෞඛ්‍ය’ කට වහන චක්‍රලේඛයක් එයි Featured

සෞඛ්‍ය සේවාවට අයත් නිලධාරීන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම හා විවේචනය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් දැඩි විධිවිධාන සහිත චක්‍රලේඛයක් ඊයේ (21 වැනිදා) නිකුත් කර ඇත.

පොදු චක්‍රලේඛ ලිපි අංක 02-106/2023 යටතේ නිකුත් කර තිබෙන එම පොදු චක්‍රලේඛය සියලු පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය නිලධාරීන් වෙත යොමුකර ඇත.

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට අදාළව 2022.09.21 දින ද ලිපියක් යොමුකර තිබූ අතර එහි අඩංගු කරුණුවලට අමතරව මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ පවතින විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලු නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට දැනුම් දෙමිනි.

ඒ අනුව ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XIVII පරිච්ඡේදයේ 6 වගන්තිය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම විවේචනය කිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සහ විවේචනය කිරීම සම්බන්ධයෙන් විධිවිධාන පවතින ආයතන සංග්‍රහයේ 1 වැනි කාණ්ඩයේ XXXI වන පරිච්ඡේදයේ 3 වන වගන්තිය සහ එම වගන්තිය සංශෝධනය කරන ලද 2019.02.27 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2019 විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි.

ඊට අමතරව 2015.01.29 දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 4/2015 සහ 2022.09.27 දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 4/2022 සිහිගන්වා ඇත.

මීට අමතරව රජයේ නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SC/FR/371/2022 නඩු තීන්දුව සිහිකොට තිබේ. මෙම විධි විධාන කඩකර මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම මේ අනුව සෞඛ්‍ය නිලධාරීන්ට තහනම් කර තිබේ.

ශිරාන් රණසිංහ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website