සදුදා, 24 ජූලි 2023 10:37

GSP+ දීර්ඝ කලේ සමලිංගික පනත නිසා.. Featured

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලබා දුන් ජීඑස්පී ප්ලස් සහනය තවත් වසර හතරකට දීර්ඝ කිරීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා සඳහන් කරයි.

මෙම සහනය දීර්ඝ කර ගැනීම සඳහා තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා වන්ද හේතු වන්නට ඇති බව තමා විශ්වාස කරන බවද හෙතෙම කියා සිටියේය.

පළාත් පාලන ආයතනය අනිත් තරුණ නියෝජනය වැඩි කිරීම හා ප්‍රජාව අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනා නිසා මෙම සහන දීර්ඝ කර ඇති බව ද ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් හෝ මෙම කටයුත්තට දායක වීමට හැකි වීම ගැන තමන් නිහතමානීව සතුටුවන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුව අමතමිනි.

 

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website