අඟහරුවාදා, 25 ජූලි 2023 11:08

උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්.!   Featured

පාසල් සිසුන් උපකාරක පන්තිවලට ගෙන්වා ගැනීම තහනම් කර තිබියදී එය නොසලකා කටයුතු කරන පාසල් ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස සියලුම විදුහල්පතිවරුන්ට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය කටයුතු කර ඇත.

එම නීතිය උල්ලංඝනය කරන පාසල් ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් එම චක්‍රලේඛය නොසලකා තවමත් ගුරුවරුන් එම උපකාරක පන්ති පැවැත්වෙන බවට තොරතුරු ලැබීම මත අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඇතැම් පාසල් ගුරුවරුන් තමන් උගන්වන පන්තියේ පාසල් සිසුන්ට මානසික පීඩා ඇති කරමින් තම උපකාරක පන්තිවලට සහභාගි වන ලෙස බලපෑම් කරන බවට තොරතුරු ලැබී ඇති බවද සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ දැන්වීම සෑම පාසලකම පිවිසුම් දොරටුවේ ප්‍රදර්ශනය කරන ලෙස සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සියලුම විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇති අතර චක්‍රලේඛ දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක නියෝග කර ඇත.

 

UN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website