අඟහරුවාදා, 25 ජූලි 2023 11:15

ශ්‍රී ලංකා දුම්රිය සේවය ගැන රජය විශේෂ තීරණයක් ගනී.! Featured

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත් කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කර ඇත.

ලංකාවේ දුම්රිය සේවය සහ විදේශීය දුම්රිය සේවාවන් සම්බන්ධයෙන් අවදානය යොමුකර එම වාර්තාව සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

අධිකාරියක් බවට දුම්රිය සේවය පත්කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඊයේ (24) දින පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ,

“මගීන් කොළඹට අරන් ඇවිත් එකපාරට දුම්රිය නතර කරනවා නම්, වැඩට යන්න ඉන්න දහස්ගණන් මිනිස්සු අතරමං කරනවා නම්, මේකට දැඩි තීන්දුවකට එන්න ඕනේ. මෙච්චර කල් මෙහෙම කරන් ආවා මෙහෙම කියලා. පහුගිය කාලයේ ඉතා සහයෝගයෙන් වැඩ කළා. කවදාවත් වර්ජනයක් කළේ නෑ, රියදුරුවරුන්ගේ යම් දේශපාලන උවමනාවක් තියෙන්න පුළුවන්. මම කැබිනට් මණ්ඩලයට කියන්න බලනවා. ඉතාම දැඩි තීන්දුවක් මම කැබිනට් මණ්ඩලයට කියලා ගන්න බලාපොරොත්තු වෙනවා.”

UN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website