බ්‍රහස්පතින්දා, 27 ජූලි 2023 12:54

නාමයෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහි පෙත්සම් ගැන විවාදය පෙබරවාරියේ Featured

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් විවාදය ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26දා) නියෝග කළේය.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් කරන ලද එම ප්‍රතික්‍ෂේප කිරීමේ නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ එම රීට් ආඥා පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.

ලබන අගෝස්තු 31 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා සහ නව සාමාජිකයන් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසටද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය. වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා හා හිටපු සාමාජිකයන් වන බැවින් එම සභාපතිවරයා ඇතුළු පිරිස වගඋත්තරකාර ලේඛනයට ඇතුළත් නොකර නඩු ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව නීතිඥ ධනුෂි කළුපහන, නීතිඥ උෂාණි අතපත්තු මහත්මිය යන නීතිඥවරුන් සමඟ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website