බ්‍රහස්පතින්දා, 27 ජූලි 2023 13:16

පිළිකාව නසන්න ලංකාවේ හැදු ඖෂධයට චී ය අතගහයි… Featured

කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජෛව රසායනල අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ පිළිකා සෛල නැසීමෙන් යුත් පෝෂක ඖෂධය පිළිබඳ චීනය උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.

චීන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු මේ වන විටත් එම ඖෂධයේ සාම්පල ඉල්ලා ඇති බව මහාචාර්ය සමීර සමරකෝන් මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර ඇත.

මේ අතර මෙම ඖෂධය නිපදවා වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ රෝගීන්ට ලබා දී ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිචාර ඉතා සුබදායී මට්ටමක පවතින බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම මේ වන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ බලය කොළඹ විශ්වවිද්‍යාලය විසින් දේශීය සමාගමකට පවරා ඇති බවත් නිෂ්පාදනය කරන ලද ඖෂධ රෝගීන් වෙත නිකුත් කිරීමේ දී එම කටයුතු සම්බන්ධීකරණය වෛද්‍යවරුන් හරහා ම සිදු කිරීමට අවශ්‍ය කටයුතු ද සලසා ඇති බව ද මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website