සෙනසුරාදා, 29 ජූලි 2023 11:08

මාධ්‍යවේදියෙකුට පොලිසිය තුවාල වෙන්නම ගහලා.. Featured

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ තර්ජනයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

කම්කරු අරගල මධ්‍යස්ථානය සහ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතාවයකදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම වාර්තා කරමින් සිටි සටහන් යූ ටියුබ් නාළිකාවේ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ පොලිස් අතපෙවීමක් හා තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

වැඩිවන ජීවන වියදම, සේවක අයිතීන් කප්පාදුව, කම්කරු නීති සංශෝධනය හා සේවක අර්ථසාධක අරමුදල අනාරක්ෂිත බවට පත් වීම යන කාරණා මුල් කරගනිමින් පැවති විරෝධතාවය වාර්තා කරමින් සිටි තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර කෑමට ලක්වෙන බව සිද්ධිය වන අවස්ථාවේ අනෙකුත් මාධ්‍යවේදීන් ලබා ගත් දර්ශනවලින් පැහැදිලි වේ.

දැනගන්නට ලැබෙන අන්දමට තරිඳු උඩුවරගෙදරගේ ඇසකට තුවාල සිදුව තිබෙන අතර පොලීසිය හැසිරී ඇත්තේ ඉතාම හිංසාකාරී අන්දමට ය.

විරෝධතා දැක්වීමට ඇති අයිතියද ප්‍රකාශනයේ නිදහසට ගැනෙන මූලික මානව අයිතියක් වන අතර ඊට අදාළ වාර්තාකරණය කිසිසේත්ම අත්අඩංගුවට ගත යුතු වරදක් නොවේ. පොලීසියේ ක්‍රියාකලාපය වාර්තා කිරීම නිසා තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගත්තේ නම් එමගින් පැන නගින ද්වීතියික කරුණ වන්නේ සිය හැසිරීම පුරවැසියාගෙන් වසං කිරීමට පොලීසියට ඇති වුවමනාවයි.

එබැවින් මෙකී අත්අඩංගුවට ගැනීම බරපතළ සිද්ධියක් ලෙස සළකා හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ තරිඳු උඩුවරගෙදරට සිදු වූ හිංසාවන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසයි.

කැඳවුම්කරු
හනා ඊබ්‍රහීම්

ලේකම්
ලසන්ත ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website