සදුදා, 31 ජූලි 2023 12:04

කාන්තාවන්ට මතුවන ඇඟ උණුසුම් වීමේ රෝගය Featured

මෙම රෝග තත්ත්වය බහුලව මතු වන්නේ වයස අවුරුදු 50 පමණ වූ ආර්ථවහරණයට ලක්වූ කාන්තාවන්ටය. ඊට අමතරව ඩිම්භ කෝෂයේ සිදුකරන සැත්කම්වලින් පසු ද මෙම තත්ත්වය මතුවිය හැකිය. විශේෂයෙන්ම ඩිම්භ කෝෂය ඉවත් කිරීමේ සැත්කමකට යොමු වූ පසු එම කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ඇති වන අසමතුලිතතාවක් නිසා ද මෙම රෝගය මතුවිය හැකිය.

මැදිවියට පත් කාන්තාවන්ගේ සිරුරේ උඩුකය කොටස එකවර උණුසුම් තත්ත්වයක් ඇති වීම හෝ අධික ලෙස දහදිය දැමීමේ තත්ත්වයට පත්වුවහොත් එය වඩාත් අවධානය යොමු කළ යුතුය. මන්දයත් මෙය සිරුර උණුසුම් වීමේ රෝගය (Hot flashes) විය හැකිය.

ඇඟ උණුසුම් වීම

මෙම රෝග තත්ත්වය බහුලව මතු වන්නේ වයස අවුරුදු 50 පමණ වූ ආර්ථවහරණයට ලක්වූ කාන්තාවන්ටය. ඊට අමතරව ඩිම්භ කෝෂයේ සිදුකරන සැත්කම්වලින් පසු ද මෙම තත්ත්වය මතුවිය හැකිය. විශේෂයෙන්ම ඩිම්භ කෝෂය ඉවත් කිරීමේ සැත්කමකට යොමු වූ පසු එම කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ඇති වන අසමතුලිතතාවක් නිසා ද මෙම රෝගය මතුවිය හැකිය. එය ආර්ථවහරණයට පෙර මතුවන අවස්ථාවක් ලෙස හඳුන්වයි. ඊට අමතරව අඩු වයසින් ආර්ථවහරණය සිදුවූ විට ද මෙම තත්ත්වය මතු වේ.

රෝග ලක්ෂණ

සිරුර උණුසුම් වීමේ රෝගය මතු වූ විට එකවර පපුව ප්‍රදේශයේ හටගන්නා දැඩි උණුසුම් බවක් මතු වේ. ඊට අමතරව අධික ලෙස දහදිය දැමීම ද හටගනී. ඇතැම් විට මෙම රෝග ලක්ෂණ දරා ගැනීමට නොහැකි අයුරින් හටගත් විට ක්ලාන්තයට පත්වීමට පවා සිදු වේ.

මෙම අපහසුතා නිසා කාන්තාවන් නොසන්සුන් තත්ත්වයට පත් වේ. එක ඉරියව්වකින් සන්සුන්ව සිටීමට අපහසු වේ.

● ප්‍රතිකාර

සිරුර උණුසුම් වීමේ රෝගය සඳහා බාහිරින් ඊස්ට්‍රජන් හෝමෝනය ලබාදීමේ ප්‍රතිකාර මගින් මතුව ඇති රෝග තත්ත්වය සුව කළ හැකිය. නමුත් ඇතැම් කාන්තාවනට එලෙස බාහිරින් ඊස්ට්‍රජන් හෝමෝනය ලබාදීමට බාධා මතු වේ. පියයුරු පිළිකා, ගර්භාෂයේ පිළිකා, දෙපා රුධිර නහරවල ලේ කැටති හටගෙන තිබීම, (Deep vein thrombosis) අංශභාගය වැනි රෝග තත්ත්වයට ගොදුරුව සිටින අයට බාහිරින් ඊස්ට්‍රජන් හෝමෝනය ලබාදීමට නොහැකි වේ.

එවැනි කාන්තාවනට කලාතුරකින් මෙම රෝගයට සමාන ආකාරයට තයිරොයිඩ් හෝමෝන අධිකතාවය නිසා හටගන්නා රෝගයක් ද (Thyrotoxicosis) මතු වේ. එවැනි අවස්ථාවලදී තයිරොක්සින් හෝමෝනය පාලනය සඳහා බාහිරින් ඖෂධ ලබාදීමක් සිදුකරනු ලබයි.

එබැවින් මෙවැනි රෝග හමුවේ විඳවමින් නොසිට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මතුව ඇති රෝගයන් සුවපත් කරගත හැකිය.

 

fjfurtete

 

 

 

 

කොළඹජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යා ජෝති

ප්‍රසාද් කටුලන්ද

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website