අඟහරුවාදා, 14 පෙබරවාරි 2023 20:41

මුදල් ලේකම්ට ඉල්ලා අස්වෙන්නැයි කියයි.. Featured

මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය දින නියම කළ පරිදිම පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇති හෙයින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම මුදල් අමාත්‍යාංශයේත්, මුදල් ලේකම්වරයාගේත් වගකීම බවත් එසේ කිරීමට නොහැකි නම් මුදල් ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවත් නිදහස් ජනතා සන්ධානය කැකිරාවේදි පැවැත් වූ රැස්වීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා නොදෙන ලෙසට කවරකු හෝ මුදල් ලේකම්වරයාට බලපෑම් කරන්නේ නම් ඒ බව රටට සහ අධිකරණයට නොපමාව මුදල් ලේකම්වරයා දැනුම් දිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එවන් බලපෑමක් නොමැති නම් මැතිවරණය සඳහා මුදල් නිදහස් නොකිරීමේ වගකීම පෞද්ගලිකව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැරිය යුතු බවත් එමඟින් රටේ උද්ගතවන ප්‍රශ්න සියල්ලට ඔහු පුද්ගලික වශයෙන් වග කිව යුතු බවත් චන්න ජයසුමන මහතා පැවසීය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website