බදාදා, 02 අගෝස්තු 2023 14:14

මලල ක්‍රීඩාවෙන් මේ වසරේ පදක්කම් 16ක් – සභාපති පාලිත ප්‍රනාන්දු කියයි Featured

2023 වසරේ මේ වන විට ජාත්‍යන්තර තරඟාවලි 3කදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 16ක් දිනා ගැනීමට සමත්ව තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය, ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය යන තරගාවලි නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ජයග්‍රහණ ලබා ගත් බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අතර තායිලන්තයේ පසුගියදා පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් සටහනේ 4 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම ද ඉතිහාසයේ පළමු වරට සිදු වූ සිදුවීමක් බව පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ජයග්‍රහණ පිළිබඳ සෑහීමකට පත් දම්රෝ ආයතනය මලල ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කළ බවද පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම අනුග්‍රාහක දායකත්වය ලෙස දම්රෝ සමූහ ආයතනයෙන් රුපියල් කෝටියකට අධික මුදලක් පිරිනැමීම නිමිත්තෙන් කොළඹ දී පෙරේදා පැවැති උත්සවයේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපතිවරයා එම අදහස් දැක්වීය.

චීනයේ පැවැත්වීමට නියමිත 2023 ආසියානු ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනාගේ පුහුණු කටයුතු සහ විවිධ අවශ්‍යතා සඳහා රුපියල් මිලියන පහක මුදලක් ද, පසුගියදා නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ජයග්‍රාහයකයින් ඇගයීම පිණිස රුපියල් ලක්ෂ 52 ක මුදලක් ද දම්රෝ ආයතනය එම අනුග්‍රාහක දායකත්වය ලබාදීමට කටයුතු කර තිබුණි.

මෙහිදී රන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලක්ෂ 5 බැගින් ද රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් 250000 ද බැගින් ද පිරිනැමුණු අතර මීටර් 400 සහය දිවීමේ පිරිමි කණ්ඩායම සඳහා රුපියල් මිලියන 1.5 ක මුදලක් ද පිරිනැමීමට දම්රෝ ආයතනය පියවර ගත්තේය.

මේ අතර ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා අනුග්‍රහය ලබාදීම සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සහ ගිවිසුම් හුවමාරුව සිදු කෙරිණි. එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් පාලිත ප්‍රනාන්දු මහතා ද දම්රෝ ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නාලක ගුණතිලක යන මහත්වරුද ගිවිසුම් අත්සන් කළහ.

කුෂාන් සුබසිංහ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website