බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:18

දීඝවාපිය යළි දැකීම දෙවන අදියර ඇරඹේ Featured

බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු පා පහස ලත් උත්තුංග මහා පුණ්‍ය භුමියේ වැඩසිටිනා දීඝවාපි මහා සැ රදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

එම මහා පුණ්‍ය කර්මයට ලක්වාසී හා ලෝකවාසී ජනතාවගේ නොමසුරු ආධාර මුදල් ලබාගැනීමේ අරමුණින් “දීඝවාපියට ගඩොලක්” යන සංකල්පයෙන් යුතුව විශේෂ වැඩසටහනක් පසු ගිය ජූලි 30 වන දින දීඝවාපි පුදබිමෙහි සිදුකෙරිණ. මේ සඳහා දහස් ගණනින් සැදැහැවතුන් එක් රැස් වූ අතර, සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ මෙම මහා පුණ්‍ය කර්මයට ප්‍රධානත්වය ගෙන කටයුතු කළහ.

මෙම මහා පුණ්‍යකර්මයට අරමුදල් සපයනු ලබන්නේ දානපතියන්ගේ ආධාර මුදලින් ගොඩනැඟුණු ‘දීඝවාපිය අරුණ භාරය’ අරමුදල මඟිනි. දීඝවාපි සෑ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් ලෝකවාසී දනන් හට දැකබලා ගැනීමට දායකත්වය ලබාදිය හැකි උදාරතර පිංකම වෙනුවෙන් සත්සිත් ඇති ඔබගේ නොමසුරු ආධාර මුදල් ලංකා බැංකුව තැප්‍රෝබේන් ශාඛාවේ ගිණුම් අංක – 86860000 දරණ “දීඝවාපිය අරුණ“ ගිණුමට බැරකළ හැක.

තවද, රු.200.00 ක මුදලක් ගෙවා ස්තුප ගඩොලක් සඳහා ද, රු.1200.00 ක මුදලක් ගෙවා ස්ථූපයේ ඝන අඩියක් නිම කිරීම සඳහා ද, ගඩොලින් ගඩොල ඉදිවෙන දීඝවාපිය මහා සැ රදුන් උදෙසා බැතිබර ඔබට සම්මාදම් විය හැක.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.deegawapiya.lk දරණ වෙබ් අඩවියෙන් හා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. දරණ ඊමේල් හරහා හෝ දුරකථන අංක 011 2430860-78 අංකයන්ගෙන් හෝ විස්තර ලබාගත හැක.

 

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website