සෙනසුරාදා, 05 අගෝස්තු 2023 09:37

ප්‍රභූ පුතා මඟුල් කාලා ලංවිමට ලක්‍ෂ 26ක පොල්ලක් තියලා Featured

ප්‍රභූ පුතකුගේ 2019 පැවැති විවාහ උත්සවයකට විදුලිය ලබාදී ඒ සඳහා ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ විසිහයකට අධික (2,682,246) මුදල ලංවිමට නොගෙවා පැහැරහැර තිබේ.

දකුණු පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගෙන් (දකුණු පළාත්) කළ ඉල්ලීමකට අනුව මෙම තොරතුර හෙළිකර ඇත.

මෙම උත්සවය 2019.09.12 සිට 2019.09.15 දක්වා පවත්වා ඇති අතර ආරක්‍ෂක විදුලි පහන් සවිකරන ලෙසට ලංවිමට දැනුම් දී ඇත.

ඒ අනුව තාවකාලිකව ලංවිම විදුලි සබඳතා ලබා දෙමින් ආරක්‍ෂක පහන් සවිකර තිබේ. මෙම විදුලිය සඳහා රුපියල් විසිහය ලක්‍ෂයක මුදලක් වැයවී ඇති බවත් එය ලංවිමට ගෙවා දමන ලෙස දන්වා තිබුණත් තාමත් එය ගෙවා නැති බවත් ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ්‍ය හා ආයතනික) වී. වී. ජනෙත් මහතා අත්සන් කළ ලිපියේ සඳහන් වේ.

ශිරාන් රණසිංහ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website