සෙනසුරාදා, 05 අගෝස්තු 2023 09:44

වෛද්‍ය ආඥා පනත සහ ඖෂධ නියාමන අධිකාරි පනතේ නව වෙනස්කම් ගැන පුළුල් කථිකාවතක් අවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය Featured

වෛද්‍ය ආඥා පනත සහ ඖෂධ නියාමන අධිකාරි පනත සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් පිළිබඳ සමාජය තුළ පුළුල් කථිකාවතක් ඇති විය යුතු බවත්, එකඟතාවන් මත වූ පදනමකින් පමණක් එය වෙනස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් 3දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

වසර සියයක් පමණ පැරැණි වෛද්‍ය ආඥා පනතේ කාලානුරූපීව වෙනස්කම් සිදුව ඇති බැවින් එම යල්පැන ගිය කරුණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් යළි යම් ශක්‍යතා අධ්‍යයනයන් සිදුකරනු ලබනවාට තම සංගමයේ විරුද්ධත්වයක් නොමැති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ඖෂධවල ගුණාත්මකභාවය ඇති කිරීම, රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙම පනත් සංශෝධනය මගින් සිදුකරනු ලබන වෙනස් කිරීම් සමගම සිදු විය යුතු බවත්, නැවත තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම හෝ ඖෂධ මාෆියාව ශක්තිමත් කිරීම මෙම පනත් සංශෝධනයෙන් සිදුවන්නේ නම් සිය සංගමය එයට දැඩි විරෝධය පළ කරන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර මේ පිළිබඳ පෙරේදා 3 දා මාධ්‍යයට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට රෝගී ජනතාවට තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව පැමිණිලි කිරීමටද ආයතනයක් නොමැති බවත්, මෙම අණ පනත් වෙනස් කිරීමකට ලක් කරන්නේ නම් එය ජනතාවට සාධනීය ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් වෙනස් කිරීමට ලක් කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත්ව ක්‍රියා කළ යුතු බවයි.

සුජීව තත්සර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website