සෙනසුරාදා, 05 අගෝස්තු 2023 09:51

ණය ප්‍රතිව්‍යුහගතකරණය නියෝග අරන් නවත්වන්න බෑ – නැවැත්විය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි Featured

මේ වැඩපිළිවෙළ නැවැත්වුවොත් සතියකින් බැංකු කඩා වැටෙනවා
පරණ දේශපාලනය ගේන්න මම ඉඩ දෙන්නේ නෑ


ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවැත්විය හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව පමණක් යැයි ද ඒ නිසා එම ක්‍රියාවලිය වැළැක්වීමට වෙනත් ආයතනවලින් නියෝග ලබාගැනීමට උත්සාහ නොකරන්න යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (04 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ විසිනව වන වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය. ඔහු මෙසේ ද පැවසීය. අද මේ රට බංකොලොත් වෙලා තියෙන්නෙ. කෙසේ හෝ ආණ්ඩුවට වාසනාව ලැබිලා තියෙනවා මේ රට කරගෙන යන්න. පළමුවෙන්ම කරන්න තියෙන්නෙ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන එක. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුව සාකච්ඡා කළා. සියලු පක්ෂ භේදයකින් තොරව වැඩ කළා. අවාසනාවකට සියලු දෙනාගේම සහාය ලැබෙන්නේ නෑ. කුඩා කණ්ඩායම් සහ පක්ෂ බලනවා මේ වැඩපිළිවෙළ නවත්වන්න. පාරට බැහැලා කටයුතු කරනවා. නමුත් ජනතාව ඒවා පිළිගන්නෙ නෑ. දැන් උත්සාහ කරනවා අධිකරණයට ගිහින් තහනම් නියෝග අරගන්න. අධිකරණය හරහා තම දේශපාලන අරමුණ වෙත යන්න හදනවා. අද මේ කරගෙන යන වැඩපිළිවෙළ නැවැත්තුවොත් සතියක් යන්න කලින් බැංකු ටික කඩා වැටෙනවා. මේක නැවත්තුවොත් විදේශ රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන්නෙ නෑ. මේක නවත්වන්නේ පාර්ලිමේන්තුව කිව්වොත් විතරයි. බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ සඳහා බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නම් වෙන කාගෙන්වත් උපදෙස් ගන්න බෑ. නියෝග ගන්නත් බෑ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්න එපා කියලා මේ කුඩා පක්ෂ හා කණ්ඩායම්වලට මම කියනවා. පරණ දේශපාලනයෙන් රට දියුණු කරන්න බෑ. පරණ දේශපාලනයෙන් අපි නැති වුණා. පරණ දේශපාලනය ගේන්න මම ඉඩ දෙන්නෙ නෑ.

ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website