සදුදා, 13 පෙබරවාරි 2023 08:44

T20 : බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්.. Featured

Rate this item
(0 votes)

2023 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කේප් ටවුන්හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ මුල් පෙළ කඩුලු 5 ලකණු 96 කදී බිඳ වැටුණි.

සෝභානා මොස්ටරී ලකුණු 29 කි.

ඕෂදී රණසිංහ ලකුණු 23 කදී කඩුලු 3 ක් දවා ගත්තේ ය .

නායිකා චමරි අතපත්තු කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 19 කදී ය.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළේ ය.

පිළිතුරු ලෙස ලකුණු 127ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 25කදී බිඳ වැටිණ.

කෙසේ නමුත් ඉන් පසුව පිටියේ එක් වූ ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 104 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ය.

නිලක්ෂි ද සිල්වා පන්දු 38 කදී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගය මෙයයි.

සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ ය.

Read 88 times

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website