Items filtered by date: ජනවාරි 2024

උරුමය පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

බදාදා, 31 ජනවාරි 2024 10:48

යුරෝපා ගොවීන් විරෝධතාවක

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක ගොවීන් සිය දහස් ගණනක් පෙරේදා (29දා) දිනයේ සිට අධිවේගී මාර්ග අවහිර කරමින් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම රටවල රජයන්ට බලපෑම් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

ලොව ප්‍රධාන පෙළේ ජපන් මෝටර් රථ සමාගමක් වන ටොයෝටා සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන සිය පැරණි මාදිලියේ මෝටර් වාහන 50,000ක තිබෙන වායු බෑග් (එයාර් බෑග්) පිපිරීමෙන් ඒවායේ හිමිකරුවන් මියයෑමට ඉඩ ඇති බවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලොව ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ‘X’ (කලින් ට්විටර්) මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ප්‍රකෝටිපති එලොන් මස්ක්ට අයත් ‘නියුරලින්ක්’ ස්නායු තාක්ෂණ ආයතනය මගින් ලොව ප්‍රථම වරට සාර්ථක ලෙස සංකීර්ණ ස්නායු ආබාධයකින් පෙළෙන රෝගියකුගේ මොළයට එහි ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකි කුඩා කෘත්‍රීම මෙවලමක් (චිප්) බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

වාහන කිහිපයක් මෙරටට අානයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අධිකරණය සෑහීමට පත් වන පරිදි සුදුසු හා ප්‍රමාණවත් කරුණු හා සාක්ෂි ඉදිරිපත් නොකොට මෙලෙස සිදුවිය හැකි යැයි කියන මනඃකල්පිත සිතුවිලි (හිතළු) ඉදිරිපත් කළ පමණින් ඒවා පිළිගෙන රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකරදී ඇති රැස්වීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනය වන පරිදි නියෝග නිකුත් කළ නොහැකි බව

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණය විසින් වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී.

ව්‍යාජ ලේඛන සකස්කර රිටොක්සි මැප් නමැති පිළිකා රෝගීන් භාවිත කරන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්, රජයේ රෝහල්වලට බෙදාහැර රුපියල් කෝටි 11ක පමණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

අඟහරුවාදා, 30 ජනවාරි 2024 10:13

යුක්‍රේනයේ දැවැන්ත මුදල් වංචාවක්

යුක්‍රේනයට අයත් උපාය මාර්ගික ව්‍යාපාර අංශ ආරක්ෂක සේවාව මගින් එරට හමුදාව මගින් අවි ආයුධ මිලදී ගැනීමේදී සිදු කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 40ක වංචාවක් අනාවරණය කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුක්‍රේන හමුදා ඉතිහාසයේ වාර්තා වී ඇති මෙම දැවැන්ත වංචාව සම්බන්ධ තොරතුරු යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද තහවුරු කර තිබේ.

ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් පෙරේදා (28දා) එල්ල කරන ලද ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි ඊසානදිග ජෝර්දානයේ සිටි ඇමරිකානු හමුදා භටයන් තිදෙනකු මිය ගොස් ඇති අතර තිස්හතර දෙනකු තුවාල ලබා තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website