ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ අරමුණින් ප්‍රථම වරට ÒSourced Sri Lanka – Textile & Apparel Road showÓ නමින් අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට රුසියානු ගගනගාමියකු වන ඔලෙග් කොනොනෙන්කෝ සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජපානයේ රූ රැජන ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබිණි.
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස (06) නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය.
අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ මහතා අද (06) නියම කළේය.
පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ආකාරය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ගොනුකර තිබේ.
පරිසර අමාත්‍යධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වී ඇත.ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දී තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේදී සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛන සිය භාරයට ගෙන ඇත.