බදාදා, 07 පෙබරවාරි 2024 09:40

ජපාන රූ රැජනගේ කිරුළ ගැලවෙයි Featured

ජපානයේ රූ රැජන ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබිණි.

ෂුකාන් බුන්ෂුන් නමැති එම ටැබ්ලොයිඩ් පුවත්පත සඳහන් කර ඇත්තේ කැරොලිනා ෂිනෝ ජපානයේ විවාහක වෛද්‍යවරයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බවය. එම චෝදනාව පිළිබඳ අදාළ වෛද්‍යවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම පුවත අනාවරණය වීමත් සමඟ ඇයට සහාය පළ කරමින් රූ රැජන තරගයේ සංවිධායක මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම පුද්ගලයා විවාහකයකු යැයි ඇය නොදැන සිටි බවය. එහෙත් පෙරේදා නැවත ප්‍රකාශයක් සිදු කරමින් සංවිධායක මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඔහු විවාහකයකු යැයි ඇය දැන සිටි බවය. අනතුරුව ඇය ජනතාවගෙන් සමාව අයැද සිටි අතර, රූ රැජන කිරුළ නැවත ලබාගැනීමට පියවර ගෙන තිබේ. මෙවර රූ රැජන තරගයේ අනුශූරියන් කිහිපදෙනකු සිටිය ද වසර අවසානය දක්වා ජපාන රූ රැජන කිරුළ හිස්ව තැබීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

DMN

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website