Editor

Editor

“ආර්ථිකය පණ ගැන්වීමේ ඉදිරි ක්‍රියා මාර්ගය සඳහා, විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි. ස්ථාවරව ඒ ප්‍රතිපත්තියට අපි සියලු දෙනා කැප වී තිබෙන බව, මා විශ්වාස කරනවා, මුළු පාර්ලිමේන්තුවම. එය සාර්ථක කරන්න සහයෝගය හා සක්‍රීය දායකත්වය පෞද්ගලික අංශයෙනුත් අපි බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

මැද පෙරදිග රටවල් සමග වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කර ගැනීම සදහා රජය ප්‍රමුඛතාවය ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:39

හවුති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානා 18ක් වනසයි

හමාස් සංවිධානයට සහය දක්වන යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර නැව් වෙත පහර දීම සඳහා යවන ලද ඩ්‍රෝන යානා 18ක් පහර දී බිම හෙළීමට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්ට අයත් මධ්‍යම අණදෙන ඒකකය විසින් ඊයේ(10) පියවර ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:38

ඉන්දීය තරුණියක් භාෂා 140 කින් ගයා ගිනස් පොතට

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ 18 හැවිරිදි තරුණියක් ඩුබායි නගරයේ පැවැති සංගීත ප්‍රසංගයකදී භාෂා 140 කින් ගීත ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:35

ඉක්වදෝර රූපවාහිනී ආයතනයක් මැර ග්‍රහණයට

මුහුණු ආවරණ පැළඳගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් ඊයේ(10) සජීවීව විකාශන කටයුතු සිදු කරන ඉක්වදෝරයේ රජයේ රූපවාහිනී ආයතනයකට කඩා වැදී එහි කාර්ය මණ්ඩලය ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා ගැනීම හේතුවෙන් එරට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

විදුලි බිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවලට අදාළ විදුලිය සම්බන්ධතා විසන්ධි කළ යුතුය යන ස්ථාවරයේ තමන් නොසිටින බව පැහැදිලිව ප්‍රකාශ කරන බවත්, එය විසඳා ගැනීමට මහා භාණ්ඩාගාරය සහ විදුලිබල අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:27

යුද අපරාධ විනිශ්චය සභාවක් ලංකාවට..

යුද අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීම සදහා වන පනත් කෙටුම්පතක් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මෙය 2009 සිට කොටි හිතවාදීන් දැරූ සිහිනය මල් පල දැරීමක් බවද ඒ මහතා ප්‍රකාශකර සිටියේය. පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සටියේ පාර්ලිමෙන්තුව අමතමිනි.

මියයන රෝගීන්ගේ අත්‍යවශ්‍ය සිරුරු කොටස් බද්ධ කර ජීවිත ආරක්ෂා කිරීමේ අවයව බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පිහිටුවීමට කටයුතු කර තිබේ.

වසර ගණනක් මුළුල්ලේ පැවැති ජාතික මට්ටමේ විවාදවලින් පසු දකුණු කොරියාවේ සම්ප්‍රදායයක් වන ආහාරය සඳහා බල්ලන් බෝ කිරීම හා මරා දෑමීම තහනම් කරමින් එරට පාර්ලිමේන්තුව විසින් ඊයේ (09දා) පනතක් සම්මත කරගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website